විදේශයන්හි සිට මෙරටට පැමිණෙන අයට කොවිඩ් නීති ලිහිල් කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන අයට කොවිඩ් නීති ලිහිල් කෙරේ

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන අයට කොවිඩ් නීති ලිහිල් කෙරේ

විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට පනවා තිබූ කොවිඩ් නීති කිහිපයක් සංශෝධනය කර තිබේ.


කොවිඩ් වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේදී පැන වූ නීති කිහිපයක් ඒ අනුව අහෝසි වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.

 

මෙරටට ගුවන් මගින් හෝ වරායකින් පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදනයට එරෙහි එන්නත් කාඩ්පත ඉදිරිපත් කිරීම මින් ඉදිරියට අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.

 

මීට අමතරව, රටට ඇතුළුවීමට පෙර ඉදිරිපත් කළ යුතුව තිබූ කොවිඩ් අසාදිතයෙකු නොවන බවට කළ පරීක්ෂණ වාර්තාව ද මින්පසු ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

 

මෙරටට පැමිණි පුද්ගලයෙකු රටට ඇතුළුවීමෙන් පසුව කොවිඩ් අසාදිත යැයි තහවුරු වුවහොත්, එම පුද්ගලයා සිය පෞද්ගලික වියදමෙන් දින 7 ක් නිරෝධායනය විය යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

views

214 Views

Comments

arrow-up