හික්කඩුවේදී මහා දාවලේ චිකාගෝ ක්‍රමයට මිනී මරයි.

හික්කඩුව,වෑවල ප්‍රදේශයේ පිහිටි අවන්හලක් ආසන්නයේදී අඹු සැමි යුවළක් කපා කොටා තිබෙනවා.
තියුණු ආයුධවලින් කළ පහර දීමකින් සැමියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය කියා සිටින්නේ.
ඔහුගේ බිරිද බරපතළ කැපුම් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඔවුන් තිරාණගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය කියා සිටින්නේ.
කළු පැහැති මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු මෙම ඝාතනය කොට තිබෙනවා.
මෙම යුවල සංචාරක කර්මාන්තයේ නිරත වන අය වන අතර දෙපාර්ශවයක් අතර කලක පටන් පවතින ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
237 Views
Comments