15 හැවිරිදි බාලවයස්කාර දැරිය කෙලෙසු විවාහක පෙම්වතා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
24

15 හැවිරිදි බාලවයස්කාර දැරිය කෙලෙසු විවාහක පෙම්වතා අත්අඩංගුවට

15 හැවිරිදි බාලවයස්කාර දැරිය කෙලෙසු විවාහක පෙම්වතා අත්අඩංගුවට

9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක් රවටා තඹුත්තේගම බස් නැවතුම්පොළේ දී අපහරණය කර, කුලියාපිටිය පොල්වත්තකට රැගෙන ගොස් දූෂණයට ලක් කළ පෙම්වතා බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත්, දැරිය දූෂණයට ලක් කළ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනක් ආරම්භ කර ඇති බවත් තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසයි.

 

දැරියගේ මව විසින් සිදු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන මෙහෙයවා සැකකරු කුලියාපිටිය ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

අත්අඩංගුවට ගත් සැකකරු පොල් වත්තක මුරකරු ලෙස සේවය කරන 33 හැවිරිදි විවාහක පුද්ගලයකු බවද පොලිසිය කියයි.

 

අවිවාහකයකු ලෙස පෙනී සිටි සැකකරු දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් ඇති කර ගෙන දැරිය රවටා කුලියාපිටිය ප්‍රදේශයේ පොල්වත්තක පිහිටි නිවසකට රැගෙන ගොස් දූෂණය කර ඇති බව සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව පොලීසිය ප්‍රකාශ කළේය.

 

වින්දිත දැරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී මීට පෙර අවස්ථාවකදී ද තවත් පුද්ගලයෙකු විසින් දැරිය දූෂණයට ලක් කර ඇති බවද අනාවරණය වූ බවත් ඊට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 

අඩංගුවට ගත් සැකකරු ඊයේ (21 දා) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

262 Views

Comments

arrow-up