Executive : A 9 ක් ගත් ගාල්ලේ නිව්න් සොහොයුරියන්

ප්‍රතිඵල නිකුත් වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ 9 බැගින් ලබා ගත් නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු ගැන පුවතක් ගාල්ලෙන් වාර්තා වෙනවා.
දිනුමි නිම්සරා ඈපා සහ රසරි රන්සරා ඈපා යන නිව්න් සොහෝදරින් දෙදෙනෙකු ගැනයි මෙම පුවත වාර්තා වන්නේ.
ඔවුන් තල්ගස්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. මෙම සිසුවියන් දෙදෙනා මාපලගම සිරිසුනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිටිනවා.
ඔවුන් ක්‍රීඩා, නර්තන, මාධ්‍ය වැනි පාසලේ බාහිර ක්‍රියාකාරකම්වලදී ද විශේෂ දක්ෂතා දක්වා ඇති බව පාසලේ විදුහල්පති අජිත් පුෂ්පකුමාර අප වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් කියා සිටියා.
240 Views
Comments