ස්වාභාවික බලාගාර හැදිල්ලේ වාර්තා ඇමති හමස් පෙට්ටියට දාලා

ස්වාභාවික වායු බලාගාරයන්ට ( LNG ) අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ඉදි කිරීමට කැදවූ ටෙන්ඩරය තෝරා ගත් ලන්සුකරුට ප්‍රදනය කිරීම සඳහා වූ කැබිනට් මණ්ඩල ඇනුමැතිය වෙනුවෙන් විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර හට ඉදිරිපත් ප්‍රසම්පාදන වාර්තාවට මාස 4 ක කාලයක් ගත වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය අද දින සිදු කළා.
ස්වාභාවික බලාගාර වලින් විදුලි උත්පාදනයෙන් වැඩි වාසියක් රටට ලබා ගැනීමේ අරමුණින් රජයේ දැක්ම මත LNG බලාගාර ආරම්භ කිරීමේ ව්‍යාප්තිය මේ නිසා අතර මඟ නැවති ඇති බවද එම සංගමය කියාසිටිනවා.
කැබිනට් මණ්ඩල අනුමැතිය වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩල සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ඒකා බද්ධ ප්‍රසම්පාදන කමිටු වර්තාව හරහා මීට අදාළ තාක්ෂණික ,මූල්‍ය හා නීති දත්ත ඇතුළත් වාර්තාව කැබිනට් මණ්ඩල අනුමැති සදහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය කංචන විජේසේකර හට මාස 4 කට ඉහතදී ලබා දුන්නද ඔහු මෙතෙක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම ගැටළුකාරී තත්ත්වය උද්ගතව වී ඇත්තේ.
250 Views
Comments