මඩකලපුව ඩිපෝ කළමනාකරු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

මඩකලපුව ඩිපෝ කළමනාකරු අත්අඩංගුවට

මඩකලපුව ඩිපෝ කළමනාකරු අත්අඩංගුවට

ලංකා ගමනාගමන මණ්ඩලයේ මඩකලපුව ඩිපෝ කළමනාකරු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

අල්ලස් කොමිසමට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.

 

සැකකරු අද (29) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමට රුපියල් 75,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමට යෑමේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

 

විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ අදාළ සැකකරු විසින් අවස්ථා කිහිපයකදීම පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සඳහා මෙලෙස මුදල් ඉල්ලා ඇති බවයි.

views

252 Views

Comments

arrow-up