දෙමටගොඩ දුම්රිය ධාවනාගාර ආපන ශාලාව හිමි කත ඝාතනය කරලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
31

දෙමටගොඩ දුම්රිය ධාවනාගාර ආපන ශාලාව හිමි කත ඝාතනය කරලා

දෙමටගොඩ දුම්රිය ධාවනාගාර ආපන ශාලාව හිමි කත ඝාතනය කරලා

දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් තුළ ඊයේ (මැයි 30) උදෑසන කාන්තාවක් ඝාතනය කර තිබේ.

 

පොලිසිය සඳහන් කළේ, අදාළ කාන්තාව දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් පවත්වා ගෙන යන බව ත් පෙරේදා (මැයි 29) රාත්‍රී කාලයේදී මෙම කාන්තාව ඝාතනය කර රන්මාල 3ක්, රන් මුදු 3ක් සහ ජංගම දුරකතන 2ක් කොල්ලකා පළා ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවය.

 

මරණකාරිය වයස අවුරුදු 48ක් වන මාලිගාවත්ත කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

 

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

මෙම අපරාධය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

577 Views

Comments

arrow-up