ඉන්ධන නිකුත් කිරීමට පනවා තිබූ සීමාවන් සංශෝධනය කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

ඉන්ධන නිකුත් කිරීමට පනවා තිබූ සීමාවන් සංශෝධනය කෙරේ

ඉන්ධන නිකුත් කිරීමට පනවා තිබූ සීමාවන් සංශෝධනය කෙරේ

ඉන්ධන ලබාගැනීම සඳහා පනවා තිබූ සීමාවන් සංශෝධනය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 

මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

 

ඒ අනුව යතුරුපැදියක් සඳහා රුපියල් 2,500ක ඉන්ධන ලබා ගැනීමේ පහසුකම සලසා තිබෙනවා.

 

මේ අතර ත්‍රිරෝද රථ සඳහා පැවති ඉන්ධන නිකුත් කිරීමේ සීමාව රුපියල් 3,000ක් දක්වා වැඩිකර ඇති බවයි අනාවරණය වුණේ.

 

එය මෙතෙක් පැවතියේ රුපියල් 2,000ක උපරිම සීමාවකටයි.

 

අනෙකුත් වාහන සඳහා මෙතෙක් පැවති රුපියල් 8,000ක ඉන්ධන සැපයීම රුපියල් 10,000ක් දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

views

1418 Views

Comments

arrow-up