රහස් කතා කියන බබ්බු නොවී, අරගලයට එල්ල වූ පහරදීම වළක්වන්න බාධා කළ ලොක්කේ දෙන්නා රටට හෙළි කරන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
17

රහස් කතා කියන බබ්බු නොවී, අරගලයට එල්ල වූ පහරදීම වළක්වන්න බාධා කළ ලොක්කේ දෙන්නා රටට හෙළි කරන්න

රහස් කතා කියන බබ්බු නොවී, අරගලයට එල්ල වූ පහරදීම වළක්වන්න බාධා කළ ලොක්කේ දෙන්නා රටට හෙළි කරන්න

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිසම හමුවේ කටඋත්තර ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණේ ගාලුමුවදොර අරගලයට ප්‍රහාර එල්ල කිරීම වළක්වා ගැනීමට තමන් සකස් කර තිබූ විශේෂ ආරක්‍ෂක සැලසුම ක්‍රියාත්මක කිරීමට ආරක්‍ෂක අංශයට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනකු දැඩි බලපෑම් කළ බවයි.

 

ඒ හේතුවෙන් ගාලුමුවදොර අරගල භූමියේ සිටි පිරිස ප්‍රහාරයට ලක්වූ බවද තෙන්නකෝන් මහතාගේ කටඋත්තරයේ සඳහන් බවට ආරංචි මාර්ග සඳහන් කළා.

 

අදාල නිලධාරීන් දෙදෙනා තමාට ඇමතුම් ලබාදී ගාලුමුවදොර අරගල භූමිය වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණෙමින් සිටි පිරිසට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම නොකරන ලෙස බලපෑම් කළ බවට දේශබන්දු තෙන්නකොන් පවසා ඇති බව සඳහන් වනවා.

 

අරලියගහමන්දිරයේ සිටි පිරිස ගාලුමුවදොර අරගල භූමිය වෙත ගමන් කිරීම වළක්වන ලෙස මුලසිටම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වෙනවා.

 

එලෙස තිබියදී ජනාධිපතිගේ නියෝගයට ඉහළින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට අණදුන් දෙදෙනා කවුද..?

 

ඔවුන්ගේ නම් සහිතව රටට හෙළි කළ යුතු නොවන්නේද..?

 

රහස් ලෙස ඒවා සඟවාගෙන සිටීමෙන් සිදුකරන්නේ ඔවුන්ව ආරක්ෂා කිරීම නොවේද..?

views

644 Views

Comments

arrow-up