මහින්ද නාමල් දැන් සැඟවී සිටින තැන හෙළිව් වේ - කොළඹින් පැන්නේ හෙළිකොප්ටරයෙන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
10

මහින්ද නාමල් දැන් සැඟවී සිටින තැන හෙළිව් වේ - කොළඹින් පැන්නේ හෙළිකොප්ටරයෙන්

මහින්ද නාමල් දැන් සැඟවී සිටින තැන හෙළිව් වේ - කොළඹින් පැන්නේ හෙළිකොප්ටරයෙන්

අරලියගහ මන්දිරයේ විරෝධතාකරුවන්ගේ නිවාස අඩසියෙන් ගත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු මේ වන විට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත ගෙන ගොස් තිබෙනවා.

 

මහින්ද රාජපක්ෂ අද අලුයම 1 න් පසු අරලියගහ මන්දිරයෙන් එළියට ගෙන ඇති අතර ඔහු සහ බිරිඳ ශිරන්ති රාජපක්ෂ නිරුපද්‍රිත ඉන් ඉවත් කොට මෙලෙස ගුවන් මගින් ත්‍රිකුණාමලය වෙත රැගෙන ගොස් ඇතැයි සදහන් වන්නේ.

 

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහුගේ බිරිද හා දරුවාද වෙනම ගුවන් යානාවකින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත රැගෙනවිත් තිබෙනවා'.

 

මේ වන විට එම කදවුරෙහි ආරක්ෂාව තර කොට ඇති බවයි ආරක්ෂක ආරංචි මාර්ගයන් කියා සිටින්නේ.

views

2618 Views

Comments

arrow-up