“ආන්ටි අංකල් කෝ? අංකල්ගේ ත්‍රීවීල් එකේ ලයිසන් අපේ ගෙදර” අනියම් බිරිඳගේ කටකාර පොඩ්ඩාගේ කතාවෙන් සැමියාගේ අනඟ රැඟු‍ම අතේ මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
03

“ආන්ටි අංකල් කෝ? අංකල්ගේ ත්‍රීවීල් එකේ ලයිසන් අපේ ගෙදර” අනියම් බිරිඳගේ කටකාර පොඩ්ඩාගේ කතාවෙන් සැමියාගේ අනඟ රැඟු‍ම අතේ මාට්ටු

“ආන්ටි අංකල් කෝ? අංකල්ගේ ත්‍රීවීල් එකේ ලයිසන් අපේ ගෙදර” අනියම් බිරිඳගේ කටකාර පොඩ්ඩාගේ කතාවෙන් සැමියාගේ අනඟ රැඟු‍ම අතේ මාට්ටු

නාඳුනන කටකාර පොඩිත්තෙකුගේ දුරකථන ඇමැතුමකින් සැමියාගේ අනග රැඟු‍ම බිරිඳට අසුවීමේ පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

සිදුවීම මෙසේය.

මෙම පුද්ගලයා ආරක්ෂක අංශයේ රැකියාවේ නියුතු වූවෙක් වූ අතර නිවසේ සිට රැකියාවට පැමිණෙයි.

 

දිවා, රාත්‍රී සේවය සඳහා නියමිත සේවා වාරවලට පැමිණිය යුතුව තිබූ අතර ගමන් අපහසුව හේතුවෙන් ඔහු සේවයට පැමිණෙන්නේ තමාගේ ත්‍රිරෝද රථයෙනි.

 

දිනක් ඔහු රාත්‍රී සේවය සඳහා පැමිණීමට සූදානම් වෙද්දී බිරිඳ සුපුරුදු ලෙස කෑම සපයා දුන්නාය.

 

කෑම පාර්සලයත් රැගෙන ගොස් තිබෙන්නේ සේවයට නොව අනියම් බිරිඳගේ නිවසට වූ අතර අනියම් බිරිඳ විවාහක දරුවෙකුගේ මවක් වන නමුත් ඇයගේ සැමියා විදෙස් ගතව සිටින බැවින් කිසිවකුගෙන් හෝ බාධාවක් නොවන ඔහුට එහි නවාතැන් ගැනීමටද හැකියාව ලැබුණි.

 

පසු දින උදෑසන ඔහු සේවය නිමවූ ලෙසට එතැනින් පිටවී ඔහුගේ නිවස කරා ගියේය.

 

මෙම පුද්ගලයාගේ අනියම් බිරිඳද වෙනත් ගමනක් යාමට නිවසින් නික්ම ගියේ තම දරුවා අසල්වැසි නිවෙසක රඳවමිනි.


 
එම නිවසේ සිටි දරුවා කිසියම් කටයුත්තකට තම නිවසට ගොස් ඇති අතර නිවසේ රැඳී නික්ම ගිය අමුත්තාගේ ත්‍රිරෝද රථයේ ලියකියවිලි එහි දමා ගොස් තිබෙනු දරුවා දුටුවේය.

 

ලියකියවිලි පරික්ෂා කල දරුවාට ඔහුගේ දුරකතන අංකයද තිබී හමුවුණු අතර දරුවා කුඩා වුවත් කටකාර හා දුරකතන සංවාදවලට රුසියෙක් විය.

 

තම නිවසේ දුරකතනයෙන් ඔහු එම අංකය ඇමතූ අතර දුරකතනයට ප්‍රතිචාර දක්වා තිබෙන්නේ ත්‍රිරෝදරථ හිමියාගේ සැබෑ බිරිඳයි.

 

“හෙලෝ ආන්ටි අංකල් කෝ?” “අංකල් වෙලට ගියා පුතේ” ඇය දරුවාට ළෙන්ගතුවී වැඩි තොරතුරු විමසුවාය.

 

“අංකල්ගේ ත්‍රීවීල් එකේ ලයිසන් අපේ ගෙදර” “ඇයි පුතේ අංකල් එහේ ආවාද?” “ඔව් ඊයේ රෑ අංකල් හිටියෙ අපේ ගෙදරනේ” යයි දරුවා සියල්ල වැමෑරුවේය.

 

දරුවාට චාටු බස් දොඩා ගෙදරට යන පාරද අසා ගත් ඇය සැමියා කුඹුරේ සිටින අතරතුර ත්‍රිරෝද රථයද පදවාගෙන එම නිවස සොයා ගියාය.

 

ත්‍රීරෝද රථයේ අදාළ ලියකියවිලි ගත් ඇය එතැනින් නොනැවතී සැමියාගේ සේවා ස්ථානයටද ගියේ ඔහු පෙරදා රාත්‍රියේ සේවයට ආවේදැයි විමසන්නටය.

 

ඔහු සේවයට ගොස් නැත. එදින ඔහුගේ විවේක දිනයයි. ආයතනයේ සේවකයන් පවසන්නට විය.

 

සියල්ල තේරුම්ගත් ඇය යක්ෂාවේශව සැමියා වෙත ගොස් සැමියාට හොඳහැටි දෙහි කපා තම මව්පියන් ලඟට යන්නට ගියාය.

views

835 Views

Comments

arrow-up