ආණ්ඩුවේ වැරදි තීන්දු සබ්‍රි හෙළි කරයි

නව ආණ්ඩුව පත්වීමත් සමඟ බදු සහන ලබාදීමත්, රුපියල අනවශ්‍ය ලෙස අල්ලාගෙන සිටීමත් බරපතළ වැරදි තීන්දු බව මුදල් ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ඊයේ (25) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
මේ අතර ඉකුත් යහපාලන ආණ්ඩුව රාජ්‍ය සේවකයන් සදහා ලබා දුන් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීම වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි1800 ක පමණ මුදලක් වැඩිපුර ගෙවන්නට සිදුවී ඇතැයි ප්‍රකාශ කර ඇති ඇමතිවරයා ,එහෙත් එම මුදල ලැබෙන්නේ කෙසේදැයි කිසිවකුත් නොදන්නා බව සඳහන් කර ඇත.
රට පත්ව ඇති බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවද ඔහු සඳහන් කර ඇත.
720 Views
Comments