ඩොලරයේ අගය තවත් ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
26

ඩොලරයේ අගය තවත් ඉහලට

ඩොලරයේ අගය තවත් ඉහලට

ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල  සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 348 ලෙස  අද(26) සටහන් විය.

 

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල මෙරට ඉතිහාසයේ  මෙතරම් අගයකට පහළ වැටුණු පළමු අවස්ථාව මෙය වේ.



ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 333.88 ක් වූ අතර විකුණුම් අනුපාතය රුපියල් 346.49 ක් විය.



ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර බැංකුවක අද දින යාවත්කාලීන කළ විදේශ විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල  රුපියල් 355 ලෙස සටහන් විය.

views

715 Views

Comments

arrow-up