විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 47.9%කින් පහළට

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණ පසුගිය මාර්තු මාසයේ දී පෙර වසරට සාපේක්ෂව සියයට 47.9කින් පහත වැටී තිබෙනවා.
මාර්තු මාසයේ දී ඔවුන් මෙරටට එවන ලද ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 318.4ක්.
සාමාන්‍යයෙන් ඕනෑම වසරක මාර්තු මාසයේ ප්‍රේෂණ ඉහළ යන්නේ සිංහල සහ දෙමළ අලුත් අවුරුදු මාසයට පෙර ඔවුන් මෙරට නෑ හිතවතුන්ට මුදල් එවීම හේතුවෙන්.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් තවදුරටත් හවාලා සහ උන්ඩියාල් වැනි සාම්ප්‍රදායික ක්‍රම යටතේ මුදල් එවීමට පෙළඹී සිටින බව විශ්වාස කෙරෙනවා.
714 Views
Comments