සැඟව සිටින මහින්දව එළියට දෙන ලෙස ඉල්ලා ත්‍රිකුණාමල කඳවුර අසල උණුසුම් තත්ත්වයක්

අරලියගහ මන්දිරයේ විරෝධතාකරුවන්ගේ නිවාස අඩසියෙන් ගත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත රැගෙන ඒමේ ආරංචිය පැමිණීමත් සමඟ ජනතාව එම කඳවුර අසල විරෝධතාවක් ආරම්භ කොට තිබෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවරු ඉන් පිටතට ලබා දෙන ලෙසටය.
කදවුර අවට දැඩි ආරක්ෂක රැකවල්ද යොදා ඇතැයි වාර්තා වන්නේ.
මහින්ද රාජපක්ෂ අද අලුයම 1 න් පසු අරලියගහ මන්දිරයෙන් එළියට ගෙන ඇති අතර ඔහු සහ බිරිඳ ශිරන්ති රාජපක්ෂ නිරුපද්‍රිත ඉන් ඉවත් කොට මෙලෙස ගුවන් මගින් ත්‍රිකුණාමලය වෙත රැගෙන ගොස් ඇතැයි සදහන් වන්නේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඔහුගේ බිරිද හා දරුවාද වෙනම ගුවන් යානාවකින් ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුර වෙත රැගෙනවිත් තිබුණා.
1740 Views
Comments