පුද්ගලයෙකුට රෙදි ගලවා පහර දෙයි - මහ පාරේ පයින් යවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

පුද්ගලයෙකුට රෙදි ගලවා පහර දෙයි - මහ පාරේ පයින් යවයි

පුද්ගලයෙකුට රෙදි ගලවා පහර දෙයි - මහ පාරේ පයින් යවයි

මුදල් ගණුදෙණුවක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අඩ නිරුවත් කර අමානුෂික ලෙස පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිව්දෙනෙකු (23) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ් ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් මේ මස (25) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි අරුෂ් කුමාර් (24), ආර්.පුෂ්පනාත් (41), ඒ.ගවස්කාර් (37), එස්.පරමභවන් (34) යන අයයි.

 

මෙම සැකකරුවන් සිව්දෙනා මස්කෙලිය නගරයේ නටාබිවරයෙකු වශයෙන් කටයුතු කල අයෙකුට මුදල් ගණුදෙණුවක් සම්බන්ධයෙන් ඉකුත් (20) දින අල්ලා එක් සැකකරුවෙකුගේ වෙලදසැලට රැගෙන ගොස් අඩ නිරුවත් කර අමානුෂික ලෙස පහර දි එහි දර්ශණ ජංගම දුරකථනයෙන් පටිගත කර මුහුණු පොතට එක් කිරිම සම්බන්ධයෙන් හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ උපදෙස් මත මස්කෙලිය පොලිසිය විසින් විමර්ෂණයක් සිදු කර සැකකරුවන් සිව්දෙනෙකු (23) දින අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

 

සැකකරුවන් අදාල පුද්ගලයාට පහර දි අඩ නිරුවතින්ම ත්‍රිරෝද රථයේ නංවාගෙන නගරයෙන් පිටතට ගොස් ඔහුට නිවසට යන ලෙස පවසමින් ත්‍රිරෝද රථයෙන් බස්සවා ගොස් ඇත.

 

අදාල ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර, එම දර්ශන මුහුණු පොතට එක්කල සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, එම සැකකරුද අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි මස්කෙලිය පොලිසිය කියා සිටියේ.

views

1038 Views

Comments

arrow-up