මනාලිය එක්ක වැරදි පාරේ ගිය මනාලයා හතරක් රෝහලට යවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
24

මනාලිය එක්ක වැරදි පාරේ ගිය මනාලයා හතරක් රෝහලට යවයි

මනාලිය එක්ක වැරදි පාරේ ගිය මනාලයා හතරක් රෝහලට යවයි

මනාල යුවළක් ගමන්ගත් සුපිරි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රථ වාහන තුනක සහ වෙළඳසැලක ගැටී සිදුවූ රිය අනතුරකින් එම වාහනය පැදවූ මනාලයා ඇතුළු සිව් දෙනෙකු රෝහල් ගත කර ඇතැයි මිහින්තලය පොලිසිය කියයි.

 

මිහින්තලේ සිට අනුරාධපුර දෙසට ගමන් කළ මනාල යුවළ රැගත් මෝටර් රථය කුරුන්දන්කුලම පාසල ඉදිරිපිටදී මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදුව ඇත.

 

යුවළ ගමන් කළ මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ඇදී යාමත් සමඟ එම රථය අනුරාධපුර දෙස සිට මිහින්තලය දෙසට ගමන් කරමින් තිබූ යතුරු පැදි දෙකක සහ ත්‍රිරොද රථයක ගැටී ඉන් අනතුරුව අසල තිබූ මැටි භාණ්ඩ වෙළෙඳ සැළක් තුලට ගොස් නතර වී තිබූ බව පොලීසිය පැවසීය.

 

අනතුරින් එම මෝටර් රථය පැදවූ මනාලයා, යතුරුපැදි දෙකේ ගමන් කල පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.

views

682 Views

Comments

arrow-up