රටින් පිටවීමට උත්සාහ කළ පුද්ගලයින් 67 දෙනෙකු ත්‍රිකුණාමලයේදී නාවික හමුදාව භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 67 දෙනෙකු ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
සාම්පල්තිව් සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.
වයස අවුරුදු 30 ත් 40 ත් අතර පසුවන පිරිමි 12 ක් සමග ත්‍රී රෝද රථ 02 ක්, කැබ් රථයක් සහ වෑන් රථයක් පළමුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණා.
අනතුරුව, එම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කල බවට සැක කෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් 05 දෙනෙකුද ඇතුළුව, පිරිමි 45 ක්, කාත්තාවන් 07 ක් සහ කුඩා දරුවන් 03 ක් ඇතුළු වයස අවුරුදු 03 ත් 53 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් 55 දෙනෙකු එම බහුදින ධීවර යාත්‍රාව සමග නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
මෙම පිරිස යාපනය, ත්‍රිකුණාමලය, මඩකළපුව, පුත්තලම, අම්පාර, රත්නපුරය, ගම්පහ සහ කොළඹ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබෙනවා.
සැකකරුවනව් නිලාවේලි - උප්පුවේලී සහ ත්‍රිකුණාමලය වරාය යන පොලිස් ස්ථාන වෙත භාදිීමට නියමිතයි.
930 Views
Comments