පාටියට ඇවිත් මාලේ කඩාගෙන ගිහින් බූරු ගහලා

යක්කලමුල්ල, මාගෙදර, පුවක්වත්ත ප්‍රදේශයේ නිවසක පැවැති සාදයකදී නිවෙස් හිමි කාන්තාවකගේ පවුම් හතරක් පමණ බරැති රුපියල් ලක්ෂ 04ක් වටිනා ගෙලබැඳි රන්මාලය සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ(26) අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය සඳහන් කරයි.
මෙම නිවසේ මෙම කාන්තාව හා සැමියා පදිංචිව සිටින අතර පසුගිය 09 වැනිදා නිවසේ සාදයක් පවත්වා තිබේ.
ඒ සඳහා තරුණයින් පස් හය දෙනෙකු පැමිණ තිබෙන අතර සාදය අවසන්වී නිවැසියන් නින්දට ගොස් ඇත.
පසුදින අවදිවී බලනවිට ගෙල බැඳි රන්මාලය ඇයගේ ගෙලේ තිබී නොමැති අතර ඇය පසුගිය 25 වනදා මෙම සොරකම පිළිබඳ යක්කලමුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.
පොලිසිය විසින් මෙම සොරකම පිළිබඳ විමර්ශනය කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් රන්මාලය සොරකම් කර පෞද්ගලික බැංකුවකට උගසට තබා රුපියල් 1,84000ක මුදලක් ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් එම මුදල්වලින් බූරු ගසා ඇති බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ මාගෙදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 හා 24 වැනි වියේ පසුවන තරුණයන් දෙදෙනෙකි.
661 Views
Comments