ලක්ෂ සියයක ගජමුතු හයක් සමඟ පුද්ගලයෙක් එස්ටීඑෆ් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
20

ලක්ෂ සියයක ගජමුතු හයක් සමඟ පුද්ගලයෙක් එස්ටීඑෆ් අත්අඩංගුවට

ලක්ෂ සියයක ගජමුතු හයක් සමඟ පුද්ගලයෙක් එස්ටීඑෆ් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ගජමුතු 06ක් සන්තකයේ තබාගෙන එය වැඩි මුදලට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයකු විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

විශේෂ කාර්ය බළකායේ තිරුක්කෝවිල් කඳවුරේ නිලධාරීන්ට ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරකට අනුව හිඟුරාණ ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

 

මෙහිදී ගජමුතු 06ක් සන්තකයේ තබාගෙන වැඩි මුදලට ගනුදෙනුකරුවන්ට අලෙවි කිරීමට උත්සාහ කළ වයස අවුරුදු 26ක තරුණයෙක් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඒ.එච්.එල්. දිල්ශාන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ. අත්අඩංගුවට ගත් සැකකරු සහ ගජමුතු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දමන පොලිස් ස්ථානය වෙත විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් භාර දී ඇත.

views

648 Views

Comments

arrow-up