"අරගලකරුවන්ට අවමන් කළ අගමැති දැන් සාකච්ඡා ඉල්ලන්නේ ඇයි?" - ආචාර්ය හරිනි අමරසූරිය

දින දෙකකට පමණ පෙර විශේෂ ප්‍රකාශයක් කර අරගලකරුවන් කුඩා දරුවන් ලෙස සලකා අවමානයෙන් කතා කළ අගමැතිවරයා දැන් අරගලකරුවන්ට සමග සාකච්ඡා කිරීමට සූදානම් යැයි අද (13) දින ප්‍රකාශ කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
අරගලගලකරුවන් "කිසිවක් නොතේරෙන ළමුන්" ලෙස සලකමින් ආණ්ඩුව ගෙන යන ක්‍රියාමාර්ග දෙස බැලීමේදී පෙනී යන්නේ මේ මොහොතේ දියත්ව ඇති ජන අරගලයේ ස්වභාවය තේරුම් ගැනීමට ඔවුන්ට නොහැකි වීම බව ඇය අවධාරණය කළාය.
අරගලකරුවන්ගේ ඉල්ලීම් ඉතා පැහැදිලි බැවින් අවශ්‍ය නම් ආණ්ඩුව ඉවත්ව යන දිනය පිළිබඳව අරගලකරුවන්ට දැනුම්දිය හැකි යැයි ඇය සඳහන් කළාය.
ඇය සඳහන් කළේ, මේ වන විට ජනතාව විසින් සංවිධානය කරන ලද ජන අරගලය දිනෙන් දින ඉදිරියට ගොස් ජනතාව ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට වඩා ගව්ගණනක ඉදිරි පියවරක් සහිතව සිටින බවය.
"අද උදේ කියනවා අගමැති මේ අරගලකරුවන් එක්ක සාකච්ඡා කරන්න ලෑස්තියි කියලා. දවස් දෙකකට ඉස්සරලා මොකක් ද අරගලකරුවන්ට කිවවේ? ඔවුන්ට නිකම් පොඩි ළමයින්ට වගේ සලකලා ඔවුන්ට මේ කිසි දෙයක් තේරෙන්නේ නැති පොඩි බබ්බු වගේ සලකලා අගමැති කිවේ දෙමාපියන්ට ඒ ගොල්ලොන්ගේ ළමයින්ව ආරක්ෂා කරගන්න කියලා. දැන් ඒ පොඩි බබ්බු වගේ එච්චර පහත්, අවමානයෙන් කතා කරලා අරගලකරුවන් එක්ක අද ඇගමැති සාකච්ඡා කරන්න ආරධනා කරනවා සාකච්ඡා කරන්න ලෑස්තියි කියලා.
සාකච්ඡා කරන්න දෙයක් නෑනේ. ඕනෑ නම් එක දෙයක් සාකච්ඡා කරන්න පුළුවන් කවදදා ද යන්නේ? කියන එක. කවදදා ද යන්නේ කියන එක සාකච්ඡා කරන්න අරගලකරුවන් ලෑස්ති ඇති. කිසි දෙයක් සාකච්ඡා කරන්න දෙයක් නෑ. ඉතා ම පැහැදිලියි ජන අරගලයේ අරමුණ. ඒකට එකඟ ද? නැද්ද? කියන එක විතරයි ආණ්ඩුව කියන්න අවශ්‍ය."
1187 Views
Comments