ලොවම හෙල්ලූ රඹුක්කන වෙඩි තැබීම

රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) පැවති විරෝධතාවයකදී පොලිසිය විසින් සිදුකළ වෙඩි තැබීමකදී එක් විරෝධතාකරුවකු මිය යාම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව කණස්සල්ලට පත්ව තිබේ.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනා සින්ගර් හැම්ඩි මහත්මිය තම නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පැවසුවේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට සිදු වූ හානි සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලට පත්වෙන බවයි.
විරෝධතාවයකදී සම්බන්ධ කුමන හෝ පාර්ශවයක් ප්‍රචණ්ඩත්වය කරා යොමු වීම සාමකාමී විරෝධතාකරුවන්ගේ අයිතිවාසිකම්වලට බාධාවක්.සිවිල් වැසියන් සහ ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවම බලය භාවිතා කිරීම ඉතා වැදගත් ඇය වැඩි දුරටත් පැවසුවාය.
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් මහත්මිය රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කණසල්ලට පත්වෙන බව නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් ප්‍රකාශ කළේය.විරෝධතාකරුවන්ට හෝ පොලිසියට එරෙහිව සිදුවන ඕනෑම ප්‍රචණ්ඩත්වයක් හෙළා දකිනවා.පොලිසිය සහ විරෝධතාකරුවන්ගෙන් සංයමයෙන් සහ සන්සුන්ව සිටින ලෙස ඉල්ලා ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් පුළුල් සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් අත්‍යාවශ්‍යයි.ඒ වගේම සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවගේ අයිතිය ද තහවුරු කළ යුතුයැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කාර්යාලය නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පැවසුවේ රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාකරුවන්ට පොලීසිය වෙඩි තැබීමෙන් පසු අවම වශයෙන් එක් මරණයක් සහ 10 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා වන කැළඹිලිදායක වාර්තා පිළිබඳව කනස්සල්ලට පත්වන බවයි.එසේම බලධාරීන් සෑම විටම සංයමයකින් ක්‍රියා කළ යුතු අතර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි බලයක් භාවිතා නොකළ යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පැවසීය .
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා ද දැඩි ලෙස කණගාටු වන බවයි.සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බවත් සෑම ආකාරයකම ප්‍රචණ්ඩත්වය හෙළා දකින අතර සංයමයෙන් කටයුතු කරන ලෙසත් සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය ආරක්ෂා කළ යුතු බවත් මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය පැවසුවාය.
675 Views
Comments