සැමියා නැති නිවසට බිරිඳ ගෙන්වාගත් ත්‍රිරෝද රථ රියදුරා නිසා සිදුවූ ඝාතනය

පුත්තලම දෙවන හරස් වීදිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවු ආරවුලක් දුරදිග යාමෙන් එක අයෙකු තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනයකර තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ 25 හැවිරිදි අනුරාධපුර පාර, පුත්තලම යන ලිපිනයේ පදිංචිකරුවෙකි.
සිදුවීම සම්බන්ධයෙන් 33 හැවිරිදි තිල්අඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කරන අතර, එම අවස්ථාවලදී හඳුනාගත් කාන්තාවකගේ නිවසට ඊයේ (29) පෙරවරුවේ මොහු පැමිණ තිබේ.
එම අවස්ථාවේදී කාන්තාවගේ අසල්වැසි ඥාතීන් පැමිණ සැකකරු සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇත.
එහිදි ඇතිවූ පහරදීමකින් මෙම ඝාතනය සිදු වී ඇති අතර එම කාන්තාවගේ සැමියා විදේශ රටක සේවය කරන බව පොලීසිය පැවසීය.
සැකකාර ත්‍රිරෝද රථ රියදුරු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
4470 Views
Comments