යතුරු පැදිය බසයේ ගැටී පාසල් යමින් සිටි දැරිය සහ පියා බරපතල තුවාල ලබා රෝහලට

යාපනයේ කොකුවිල් විද්‍යාලයට පියා සමඟ යතුරු පැදියකින් යමින් සිටි පාසල් ශිෂ්‍යාවක් පෞද්ගලික බස් රථයක් එම යතුරු පැදියේ ගැටීම නිසා පියා සහ දියණිය බරපතල තුවාල ලබා අද((23) උදෑසන යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත්කර තිබේ.
මෙලෙස අනතුරට ලක්ව තිබෙන්නේ යාපනය කොකුවිල් විද්‍යාලයේ 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එස්.සරණිකා නැමති ශිෂ්‍යාව සහ ඇගේ පියාය.
පෞද්ගලික බස් රථයේ රියදුරුගේ නොසැලකිල්ල නිසා මේ අනතුර සිදුව ඇති බව පවසන යාපනය පොලීසිය එම බස් රථය හා රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
761 Views
Comments