NOV
16
පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට විශේෂ පනතක්

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත කෙටුම්පත් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එහිදී එය අනුමත වී ඇති බවයි වාර්තා වන්නේ.
රෝහල්, රාජ්‍ය ආයතන සහ දුරකතන සේවා සපයන්නන් රැස්කරගන්නා පෞද්ගලික දත්ත භාවිතයට ගැනීමේදී ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ඩිජිටල් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අවශ්‍ය විධිවිධාන සැලසීම මෙම පනතේ අරමුන වේ.
760 Views
Comments