මරා සූට්කේසයක දමාගොස් තිබියදී හමුවූ කාන්තාවගේ රන් බඩු හමුවෙයි

පසුගිය දිනක අමානුෂික ලෙස ඝාතනය කර බෑගයක දමා සපුගස්කන්ද කසල ගොඩකට ගෙනත් දමා තිබූ කාන්තාව පැළඳ සිටි බව කියන රන් ආභරණ, මුදල් සහ ඝාතනයට යොදා ගත් යකඩ මෝල් ගස මෙන්ම මළ සිරුර රැගෙන ගිය ත්‍රිරෝද රථයද සොයාගත් බව සපුගස්කන්ද පොලිසිය සඳහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළගේ ප්‍රකාශ මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක් වු කාන්තාව පැළඳ සිටි රන් මාලයක්, රන් කරාබු ජෝඩුවක් රන් මුද්දක් අත්අඩංගුවට ගත් සැකකාරිය විසින් කොළඹ හෙට්ටිවිදීයේ රන් ආභරණ සාප්පුවකට රුපියල් එක් ලක්ෂ හැටනව දහසකට විකුණා ඇති අතර ඒවා ඔවුන් විසින් උණු කර තිබියදී සොයා ගත් බවත් පොලිසිය පවසයි.
මීට අමතරව කාන්තාව පැළඳ සිටි තවත් රන් වළල්ලක් හා මුද්දක් සැකකාරිය විසින් මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ කාන්තාවකට දී තිබියදී සොයා ගෙන ඇත.
973 Views
Comments