රඹුක්කන නාය යෑමකින් 08 හැවිරිදි දැරියක් ඇතුලු තිදෙනෙක් ජිවිතක්ෂයට

අධික වර්ෂාව හේතුවෙන් රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ සිදුවූ නාය යාමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.
මෙම නාය යෑමෙන් තවත් පුද්ගලයෙකුගේ දිවි බේරා ගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබෙන අතර ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.
රඹුක්කන, දහම්බැද්ද ප්‍රදේශයේ පිහිටි නිවසක් මෙලෙස නාය යෑමට හසුවී තිබෙන අතර නිවසේ සිටි කාන්තාවක්, ඇගේ 08 හැවිරිදි දියණිය සහ 13 හැවිරිදි ඥාති දියණිය මෙම සිදුවීමෙන් මියගොස් තිබේ.
මේ අතර දැඩි වර්ෂාව නිසා ගංඟා කිහිපයක් පිටාර ගලමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කැලණි ගඟ දෙපස ඉහළ ප්‍රදේශවල ගංඟාවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර මේ හේතුවෙන් දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල සුළු ගං වතුර අවදානමක් පවතී.
724 Views
Comments