යතුරුපැදි මාරයා තවත් තරුණ ජීවිතයක් බිළිගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
16

යතුරුපැදි මාරයා තවත් තරුණ ජීවිතයක් බිළිගනී

යතුරුපැදි මාරයා තවත් තරුණ ජීවිතයක් බිළිගනී

අලු‍ත්ගම - ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ බෙන්තොට, දෝපේ, සුමනාරාම  විහාරස්ථාන මංසන්ධිය අසලදී යතුරු පැදියක් මාර්ගයේ විරුද්ධ දිශාවේ දුරකථන කණුවක ගැටීමෙන් එය ධාවනය කළ තරුණයා බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි බෙන්තොට පොලීසිය පවසයි.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ බෙන්තොට හබුරුගල, දෙද්දුව, ගොඩැල්ලවත්ත ලිපිනයේ පදිංචිව සිටි භානුක නිරෝධ කවිරත්න නැමැති 22 හැවිරිදි අවිවාහක තරුණයෙකි.

 

මොහු කලක් අලු‍ත්ගම, මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කර ඇති අයෙකු බවත් පෞද්ගලික අවශ්‍යතාවයකට බෙන්තොට ප්‍රදේශයට පැමිණ නිවසට යන අතරතුරදී අවාසනාවන්ත ලෙස මෙලෙස අනතුරට ලක්වීමෙන් මෙම තරුණයා මිය ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

 

අනතුරෙන් දුරකථන කණුවේ ගැටුණු යතුරු පැදියට සහ දුරකථන කණුවටද හානි සිදුවී ඇතැයි පොලීසිය කියයි.

 

මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය රෝහලේදී සිදුකිරීමට නියමිතය.

views

848 Views

Comments

arrow-up