කඩිගමුව දුම්රිය ස්ථානය අසල නායායෑමකින් දුම්රිය ගමනාගමනයට බාධා

තද වැසි සහිත අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊයේ(08) දිනයේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමඟ කඩිගමුව දුම්රිය ස්ථානය අසල නායායෑමක් සිදුවී තිබේ.
මේ හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු රඹුක්කන සිට ඉහළට ධාවනය වන සියලු දුම්රියයන් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් කීවේය.
එම නාය යෑමෙන් දුම්රිය මාර්ගයේ කොටසක් සම්පූර්ණයෙන්ම පාහේ විනාශවී තිබෙන අතර දෙවන වේදිකාවේ කොටසක්ද නායයෑමට ලක්වී තිබේ.
මේ අතර පොල්ගහවෙල සහ පනලිය අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන්ද දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇත.
771 Views
Comments