විදේශ රැකියා සඳහා යැමට ගමන් බලපත්‍ර ඉල්ලු‍ම් කරන පිරිස තව තවත් ඉහළට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

විදේශ රැකියා සඳහා යැමට ගමන් බලපත්‍ර ඉල්ලු‍ම් කරන පිරිස තව තවත් ඉහළට

විදේශ රැකියා සඳහා යැමට ගමන් බලපත්‍ර ඉල්ලු‍ම් කරන පිරිස තව තවත් ඉහළට

විදෙස් රැකියා සඳහා දෛනිකව ගමන් බලපත්‍ර ඉල්ලු‍ම් කරන පිරිස 2,500 දක්වා ඉහළ ගොස් ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි මාධ්‍ය ප්‍රකාශක ගයාන් මිලින්ද මහතා පැවසුවේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව දෛනිකව විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලු‍ම් කරන පිරිස තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි.

 

මෙරට තරුණයින් බහුතරයක් විදෙස් රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර තරුණයින් ඒ සඳහා යොමුවීමට රටේ ආර්ථිකය කඩාවැටීම ද බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔවුන් රට තුළ රඳවා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙලක් අදාළ අංශ විසින් සකස් කළ යුතු බවත් එම විශ්ලේෂකයෝ පැවසූහ.

views

772 Views

Comments

arrow-up