තබ්බෝව රක්ෂිතය කැපූ 05 ක් අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

තබ්බෝව රක්ෂිතය කැපූ 05 ක් අල්ලයි

තබ්බෝව රක්ෂිතය කැපූ 05 ක් අල්ලයි

තබ්බෝව අභයභූමියට අයත් තුත්තනේරිය ප්‍රදේශයේ රක්ෂිත ප්‍රදේශය හෙලිපෙහෙලි කළ බව කියන පුද්ගලයින් පස් දෙනෙකු බැකෝ යන්ත්‍රයක්, ට්‍රැක්ටරයක් සහයතුරුපැදි 02ක් සමඟ සැකපිට අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව අඩවි වනජීවී ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.

 

ලද තොරතුරක් මත පුත්තලම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ සහය ඇතිව මෙම වැටළීම සිදුකර තිබේ.

 

වැටළීම සිදුකරන අවස්ථාවේ මෙම පිරිස ඇතුළු කණ්ඩායමක් රක්ෂිත ප්‍රදේශයේ ස්ථාන හතරක අක්කර පහක පමණ ප්‍රමාණයක් හෙළි පෙහෙළිකර ඇති බවත් වනජීවී කාර්යාලය සඳහන් කරයි.

 

ඔවුන් මෙලෙස මෙම රක්ෂිත පෙදෙස හෙළිකර ඇත්තේ වගා කටයුතු සඳහා බවත් ඒ අනුව එහි ඇතැම් කොටස්වල නියරවල් පවා දමා තිබූ බවත් වනජීවී කාර්යාලය පැවසීය.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් නීලබැම්ම, ඉහළපුලියන්කුලම හා පහළපුලියන්කුලම ප්‍රදේශවලපදිංචිකරුවන් වේ.

 

මීට අදාළව තවත් සැකකරුවන් පිරිසක් සිටින බවට අනාවරණය වී ඇති අතර වනජීවී කාර්යාලය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.

views

750 Views

Comments

arrow-up