කොවැක්සීන් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් නැහැ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
19

කොවැක්සීන් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් නැහැ

කොවැක්සීන් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තවමත් නැහැ

ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මඟින් නිෂ්පාදිත කොවැක්සීන් කොරෝනා එන්නතේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට තවත් දත්ත අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

 

ඒ සඳහා කෙටි මාර්ගයක් නොමැති බවයි එමඟින් ඉන්දියාවට දැනුම් දී ඇත්තේ.

 

එන්නතක හදිසි භාවිතයට අනුමැතිය ලබාදීමට පෙර එහි සුරක්ෂිතභාවය සහ ක්‍රියාකාරී බව මනා ලෙස ඇගයීමට ලක් කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සදහන් කළේ.

 

කෙසේ නමුත් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට කොවැක්සීන් එන්නත දැනටමත් ලබා දී ඇති අතර එහි 78%ක ශක්‍යතාවක් පවතින බවයි මූලික අධ්‍යයනයන්ගෙන් අනාවරණ වී ඇත්තේ.

 

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොමැතිව එම එන්නත ලැබූවන්ට විදෙස්ගත වීම ගැටලුවක් වනු ඇති බව සදහන්.

views

1341 Views

Comments

arrow-up