මිලියන 150 පැන්න යොහානිගේ රසික පිරිස
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
12

මිලියන 150 පැන්න යොහානිගේ රසික පිරිස

මිලියන 150 පැන්න යොහානිගේ රසික පිරිස

ලොව පුරා ජනප්‍රිය වී සිටින ශ්‍රී ලාංකීය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ “මැණිකේ මාගේ හිතේ” ප්‍රතිනිර්මාණ ගීතය යූටියුබ් ඔස්සේ නැරඹුම් වාර කෝටි 15 (මිලියන 150) අද(12) පසු කළේය.

 

ඇය මෙම ගීතය පසුගිය මැයි මස 22 වැනිදා යූටියුබ් මාධ්‍යයට මුදාහැර තිබූ අතර ඒ අනුව දින 132 ක් තුළ එම ගීතය නැරඹුම් වාර කෝටි 15 පසු කර තිබේ.

 

ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට යූටියුබ් හි මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර ඇගේ ගීතය ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්ත යූටියුබ් නැරඹුම් වාර සංඛ්‍යාවක් වාර්තා වීමට හේතුවවී තිබේ.

 

එම ජනප්‍රියතාවයත් සමඟම යොහානිට ඉන්දියාවේ ප්‍රසංග දෙකක් පැවැත්වීමට මෙන්ම හින්දි චිත්‍රපට පසුබිම් ගායනයකට එකතු වීමට ද අවස්ථාව උදාවී තිබේ. 

 

ඇයට ඉන්දීය රූපවාහිනීයේ වඩාත් ජනප්‍රිය වැඩසටහනක් වන “බිල්බොස්” හිදී සුපිරි නළු සල්මන් ඛාන් සමඟ ගීතයක් ගායනා කිරීමේ අවස්ථාව ද පසුගියදා උදාවිය.

views

732 Views

Comments

arrow-up