පොහොර ප්‍රතික්ෂේප කිරීමෙන් දෙරටේ මිත්‍රත්වයට බාධා විය හැකියි..- චීනයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

පොහොර ප්‍රතික්ෂේප කිරීමෙන් දෙරටේ මිත්‍රත්වයට බාධා විය හැකියි..- චීනයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම්

පොහොර ප්‍රතික්ෂේප කිරීමෙන් දෙරටේ මිත්‍රත්වයට බාධා විය හැකියි..- චීනයෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීම්

චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වයට බාධාවක් ඇතිවිය හැකි බවට සඳහන් කරමින් චීන තානාපතිවරයා කෘෂිකර්ම ඇමැතිවරයාට ලිපියක් එවා ඇතැයි අනාවරණය වේ.

 

අදාළ පොහොර තොගය ප්‍රතික්ෂේප කිරීමට බලපාන ලද කාරණා පිළිබඳවත්, මෙවැනි කටයුතු මගින් දෙරට අතර මිත්‍රත්වයට ගැටලු ඇතිවන තත්ත්වය පිළිබඳවත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ. එමෙන්ම, දෙරට අතර විශ්වාසය නොබිඳෙන ලෙස කටයුතු කරන ලෙසද එම ලිපියේ සඳහන් කර තිබේ.

 

චීන තානාපති කාර්යාලයෙන් එවන ලද ලිපියට පිළිතුරක් යැවූ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේය.

 

චීන සමාගමෙන් ආනයනය කිරීමට නියමිතව තිබූ පොහොර සාම්පල පරීක්ෂා කිරීමෙන් පසු ඒවා ප්‍රතික්ෂේප කිරීමට බලපෑ තාක්ෂණික කාරණා පිළිබඳව චීන තානාපති කාර්යාලයට යැවූ ලිපියේ සඳහන් කළ බව ද ඇමැතිවරයා කීවේය.

 

කෙසේ නමුත්, චීන සමාගමෙන් තවත් පොහොර සාම්පලයක් ගෙන්වා පරීක්ෂා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

 

අදාළ සමාගමෙන් මීට පෙර ගෙන්වන ලද පොහොර සාම්පල දෙකක් ශාක නිරෝධායන සේවය පරීක්ෂා කිරීමෙන් පසු ඒවා වගාවන් සඳහා භාවිතයට නුසුදුසු බව තහවුරු කෙරුණි. ඊට හේතුව වූයේ ඒවා ජීවානුහරණය නොකර තිබීමත්, ව්‍යාධිජනකයන් අඩංගුව තිබීමත් නිසාය.

 

 

 

– aruna

views

1987 Views

Comments

arrow-up