පාරුව රකින්න ගිය දෙදරු පියා මහවැලි ගඟේ සැඩ පහරට බිළි

අධික වර්ෂාවත් සමඟ මහවැලි ගඟේ පාරුවක් ගැට ගැසීමට ගිය දෙදරු පියෙකු ගඟේ සැඩ පහරට හසුවී ජීවිතක්ෂයට පත් ව ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි.
මෙලෙස සැඩ පහරට හසුව ජීවිතක්ෂයට පත් ව තිබෙන්නේ නාවලපිටිය මැදගහවතුර ප්‍රදේශයේ පදිංචි කේ.ජී. තිස්ස නැමැති පනස් හතර හැවිරිදි දෙදරු පියෙකි.
මහවැලි ගඟේ මැදගහවතුර ප්‍රදේශයේ එහා මෙහා යාමට ගඟ හරහා දමා තිබූ හෙල්ලෙන පාලම කඩා වැටීම නිසා එම ගම්මානයේ වැසියන් මහවැලි ගඟ තරණය කරනු ලැබූවේ පාරුවකින් වන අතර පසුගිය 27 වන දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලූනු අධික වර්ෂාවත් සමඟ ගම්වාසියෙක් වන මරණකරු පාරුව ලණුවකින් ගැට ගැසීමට ගිය අවස්ථාවේ ඔහු මහවැලි ගඟේ සැඩ පහරට හසුව අතුරුදහන් වී තිබේ.
අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර 28 වන දින අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් 1 ක් පමණ දුරින් පිහිටි නාවලපිටිය මල්ලන්ද ප්‍රදේශයේ මහවැලි ගඟේ තිබී ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.
නාවලපිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
903 Views
Comments