රජය සහල් සමිති ඉදිරිපත් කල සහල් මිල ප්‍රතික්ෂේප කරයි

සහල් වලට සම්බන්ධ එක සමිතියක් විසින් යෝජනා කළ සහල් මිල රජයට පිළිගත නොහැකි බවත් රජය සද්භාවයෙන් යුතුව පාරිභෝගිකයා සහ ගොවියා ආරක්‍ෂා කිරීමට උපරිම මිල ඉවත්කිරීම කිසියම් පාර්ශවයක් වැරදි ලෙස භාවිතා කරන්නේ නම් අනිවාර්යෙන්ම රජය ඊට මැදිහත් වන බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ(28) පස්වරුවේ පවසුවේය.
යම් පාර්ශවයක් රජය ලබාදුන් නිදහස පාවිච්ච කර සහල් මිල වැඩි කිරීමට කටයුතු කළහොත් එයට මැදිහත් වීමට සිදුවන බවත් කී රාජ්‍ය අමාත්‍යවරයා එක සමිතියක් ඉදිරිපත් කළ මිල රටේ සහල් මිල බවට පත්වීමට ඉඩ නොතබන බවත් කියා සිටියේය.
එම සමිතිය නාඩු සහ කීරි සම්බා සඳහා ඉදිරිපත් කර ඇති මිල කෙසේවත් පිළිගත නොහැකි බවත් එම මිල ගණන් සාධාරණ නොවන බවත් එක සමිතියක් එවැනි මිලක් තීරණය කරන්නේ නම් රජයක් සිටීමෙන් ඵලක් නැති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
822 Views
Comments