වන අලි පහරදීමෙන් එක්දරු පියෙකු ජීවිතක්‍ෂයට

ගල්කිරියාගම, පලාගල කුඩා හෙට්ටියාව ප්‍රදේශයේදී වල් අලි ප්‍රහාරයකින් 64 හැවිරිදි එක්දරු පියෙකු එම ස්ථානයේදීම ජීවිතක්‍සයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව තිබෙන්නේ පලාගල කුඩාහෙට්ටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි වනසිංහ මුදියන්සේලාගේ කිරිබංඩා නමැති 64 හැවිරිදි එක්දරු පියෙකි.
ඊයේ (11) උදෑසන ඔහු නිවසෙන් පිටව ගොස් ඇති අතර රාත්‍රිය වනතෙක් ඔහු යළි නිවසට නොපැමිණීම නිසා නිවැසියන් හා අවට වැසියන් එක්ව ඔහු සෙවීමට මෙහෙයුමක් සිදුකර තිබිණි.
ඒ අනුව ඔහු පදිංචි නිවසට යාබදව ඇති තල් ගස් සහිත වන ලැහැබක තිබී ඔහුගේ සිරුර ඊයේ රාත්‍රි 9.00ට පමණ හමුව ඇති බව පොලිසිය පවසයි.
750 Views
Comments