ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
05

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙයි

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් හඳුන්වා දෙයි

ප්‍රථම වතාවට සම්පාදනය කරන ලද ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. 

 

ඊයේ (04) කොළඹදී රැස්වූ ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලය එම ප්‍රකාශනයේ සිංහල හා ඉංග්‍රීසි පිටපත් කෘෂිකර්ම අමාත්‍යවරයාට භාරදී තිබේ.

 

යැපුම් ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් කරා රට මෙහෙයවීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පුළුල් කාර්යභාරයක් පැවරෙන බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

 

නවීන තාක්ෂණය යොදා ගනිමින් ගොවිතැන නවීකරණය කර ගොවීන් ගොවි ව්‍යවසායකයින් බවට පත්කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා පවසයි.

views

620 Views

Comments

arrow-up