ඇවිදින මං තීරුවක් නිසා නාවලපිටිය නගර සභාවේ ගුටි කෙළියක්

නාවලපිටිය නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ගුටි බැට හුවමාරුවක් සිදු වී ඇති බව වාර්තා වනවා.
මෙම කලබලයට හේතුව නාවලපිටිය ජයතිලක ක්රීඩාංගණයේ ඉදිවෙන ඇවිදින මංතීරුවකි.
සමගි ජන බලවේග නාගරික මන්ත්‍රී සසංක සම්පත් මහතා ඇතුළු තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මෙම ඇවිදින මංතීරු නිරීක්ෂණය සඳහා ගොස් තිබෙනවා.
එහිදී ක්‍රීඩාංගණයෙන් පිවිසුම් ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබී ඇති අතර පසුව එම ස්ථානයට නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පැමිණ තිබෙනවා.
එහිදී වචන හුවමාරුවකින් ආරම්භ වූ මෙම ආරවුල පසු ගුටි බැට හුවමාරුවක් දක්වාද වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් තුවාල ලත් පුද්ගලයන් තුන්දෙනෙකු නාවලපිටිය මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
758 Views
Comments