අනතුරු බහුල රිලාවෙල හන්දියේ මවකට මරු කැඳවූ මාරක රිය අනතුර - (VIDEO)

අද අළුයම් කාලයේදී කහතුඩුව රිලාවල හංදිය ප්‍රදේශයේදී නාරාහේන්පිට පෞද්ගලික රෝහලක සේවකයන් රැගෙන යමින් තිබූ බස් රථයක ගැටී 62 හැවිරිදි එක්දරු මවක් ගැටී මියගොස් තිබෙනවා.
මෙම අනතුර ඒ අසල තිබූ ආරක්ෂක කැමරා පද්ධතියක සටහන් වී තිබුණු අතර කහ ඉරක් නොමැති ස්ථානයකින් ඇය පාර මාරු වීමට උත්සාහ දරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි අදාළ බස් රථයේ ගැටී තිබුණා.
ඒ සමග ඉවතට විසිවූ අය බස් රථයේ පසුපස රෝද රෝදයට යටවී මියගොස් තිබෙනවා.
මෙම ස්ථානය සැලකෙන්නේ අනතුරු බහුලව සිදු වන ස්ථානයක් ලෙසයි.
1844 Views
Comments