සම කැබිනට් ප්‍රකාශක ධූරයෙන් ඇමති ගම්මන්පිල ඉවත් වූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සම කැබිනට් ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස් වී නොමැති බව සම කැබිනට් ප්‍රකාශක වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී නොවීම සම්බන්ධයෙන් අද (ඔක්. 19) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඉංග්‍රීසි බසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී බලාපොරොත්තු වන බව ඊයේ දිනයේදී පැවසුව ද ඔහුට අද උදෑසන මෙම මාධ්‍ය හමුවට සහභාගී වීමට නොහැකි වූ බව රමේෂ් පතිරණ මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ, කැබින්ට තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී නොවීමට අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පුද්ගලික ගැටලුවක් නොමැති බවත් ඒ පිළිබඳව අමාත්‍යවරයාගෙන් විමසිය යුතු බවත් ය.
එමෙන් ම, මෙතෙක් උදය ගම්මන්පිල මහතා දැරූ තනතුරෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව ද රමේෂ් පතිරණ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.
අදාළ සංවාදයේ සිංහල පරිවර්තනය පහතින් දැක්වේ.
මාධ්‍යවේදියා: අමාත්‍ය උදය ගමන්පිලත් සම කැබිනට් ප්‍රකාශකවරයෙක්. හැබැයි දැන් මාස දෙකක තුනක ඉඳලා ඔහු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වුණේ නැහැ. ඒකට හේතුව මොකක් ද? ඔහු සම කැබිනට් ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වෙලා ද? නැත්නම් මොකක් ද හේතුව?
අමාත්‍යවරයා: ඔහු සම කැබිනට් ප්‍රකාශක ධූරයෙන් ඉල්ලා අස්වෙලා නැහැ. ඔහු ඊයේ සඳහන් කළා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. හැබැයි අවාසනාවකට අද උදේ ඔහුට එන්න බැරි වුණා. එතන පෞද්ගලික හේතුවක් නැහැ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එන්නේ නැත්තේ ඇයි කියලා ඔබ ගරු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් අහන්න ඕනේ. ඔහු පහුගිය මාසවල දරපු ධූරයේ වෙනසක් වෙලා නැහැ.
881 Views
Comments