හෙට සිට විදුලි වර්ජනයක් ?

හෙට(03) පැවැත්වීමට නියමිත විරෝධතා ක්‍රියාමාර්ගයෙන් අනතුරුව තම වර්ජන සිදුකරන දිනයන් ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
එහි කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සංවිධානය විසින් සංවිධානය කරනු ලබන විරෝධතාව හෙට(03) කොළඹදී පැවැත්වීමට නියමිත බවයි.
වැඩි දුරටත් අදහස් දැක්වූ රංජන් ජයලාල් මහතා,
“ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපිට රටේම සිටින විදුලි සේවකයින් එක තැනකට ගෙනල්ලා විරෝධතාවය පවත්වනවා.
තෙල් සංස්ථාවේ සේවකයින් ස්ථාන දෙකකදී එනම් වරාය සේවකයෝ වරාය ඔරලෝසු කණුව ඉදිරිපිටත් දැවැන්ත විරෝධතාවයකට එකතු වෙනවා.
මේ වෙනකොට විදුලිබල මණ්ඩල සේවකයන්ගේ නිවාඩු අවලංගු කරලා තියෙනවා.
චක්‍රලේඛනය නොසලකා හරිමින් ලෙඩ නිවාඩු වාර්තා කරලා, හෙට ඔක්කෝමලා කොළඹට එනවා.
අපි ජනතාවට කියනවා හෙට සිද්ධ වෙන්නේ වැඩවර්ජනයක් නෙමෙයි උද්ඝෝෂණයක්.
නමුත් උද්ඝෝෂණයට කොළඹට සේවකයින් පැමිණීම නිසා යම් ආකාරයක බිඳවැටීමක් සිදු වුණත් යථාතත්ත්වයට පත්කිරීමේදී ප්‍රමාදයක් ඇති වෙන්න පුලුවන්.
හෙට අපි අනිවාර්යයෙන්ම උද්ඝෝෂණය කරනවා. වැඩවර්ජන තීන්දුවක් අරන් තියෙන්නේ.
වැඩ වර්ජන තීන්දුවේ දිනය කවද්ද කියලා ප්‍රකාශයට පත්කරනවා හෙටින් පස්සේ.”
782 Views
Comments