මම පැජන්ට් එකේ බිකිනි ඇන්දා - ත්‍රිකලා ධරණී
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
26

මම පැජන්ට් එකේ බිකිනි ඇන්දා - ත්‍රිකලා ධරණී

මම පැජන්ට් එකේ බිකිනි ඇන්දා - ත්‍රිකලා ධරණී

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ. කලා නිර්මාණවලින් කාලයක් පුරාවටම ඇයව දක්නට නොලැබුණත් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ත්‍රිකලා ගැන නැවතත් කතාබහක් මතු වෙලා තිබෙනවා. ඒ ඇය මිලදී ගෙන තිබුණු අළුත්ම මෝටර් රථය නිසා. ඒ RANGE ROVER වර්ගයේ මෝටර් රථයක්. ත්‍රිකලා නම් කියන්නේ මෙය ඇගේ ජීවිතයේ එක් සිහිනයක සැබෑවීමක් කියලා. ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකරගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි. ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්. ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අවුරුදු 15දී තමයි ඇය ඇයගේ විශාරද උපාධිය සම්පුර්ණ කරලා තියෙන්නේ. නිරූපණයනම් ඇයගේ වෘත්තිය නෙමෙයි කියලා තමයි ඇයනම් කියන්නේ.ඇයට දැන් අවුරුදු 28යි වෙනවා.

 

මට පුංචි කාලේ තිබිච්ච ආසාවක් තමයි ගුවන් සේවිකාවක් වීම සහ ඔටුන්නක් හිස දරපු රූප රාජිනියක් වෙන එක.අපේ තාත්තා හරියට නිතීයට වැඩ කරන කෙනෙක්. එයා පොඩ්ඩක්වත් කැමති උනේ නැහැ මම පැජන්ට් වලට යනවට. මම ඒවාට විරුද්ද වෙන්න ගියේ නැහැ මම මගේ හින හිතේ තියාගෙන හිටියා.පස්සේ මම විවාහ උනා. මගේ හින වලට අත දෙන සහකරුවෙක් මට හම්බ උනා. එයාට මගේ හින ගැන කිව්වම එය කිව්වේ ඒක ඔයාගේ ආසවක්නම් අපි ඒවා කරමු කියලා.ඇත්තටම එයා මාව හොදට තේරුම් ගත්තු කෙනෙක්. මට ඕන උනේ නැහැ හැම පජන්ට් එහෙකටම යන්න.මට ඕන වුනේ වැඩි දෙනෙක් සහභාගී වෙන පැජන්ට් එහෙකට යන්න. මම ඒ ගැන අන්තර්ජාලයේ විස්තර හොයනකොට තමයි හම්බ උනේ මිසිස් යුනිවර්ස් තරගය ගැන.2017 ඒ අනුව තමයි මම මිසිස් යුනිවර්ස් තරගයට සහභාගී වෙන්නේ.

 

මට සින්දු කියන්න පුළුවන්. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගායනයට සම්භාන්ධයි. නමුත් මම ඒ පැත්තට කැමැත්තක් නැහැ. ටෙලි නාට්‍ය වලට කතා කලත් මමනම් භාර අරගෙන නැහැ.මම කැමති නැහැ ටීවී එකේ නිතරම මිනිස්සුන්ට පේන්න ඉන්න චරිතයක් වෙන්න. එතකොට මිනිස්සුන්ට අපිව නිතරම දැකලා එපා වෙන්න පුළුවන්. රගපාන්නනම් ආසාවක් හිතිලා නැහැ.

 

හිත හොද මිනිස්සුන්ට කේන්ති යනවලුනේ ඒ වගේ තමයි මටත් නිතරම කේන්ති යනවා. වැරද්දක් අසාධාරනයනම් පෙන්නනම බැහැ.මම සෝෂල් මිඩියා වලින් කිසිම ජනප්‍රියතාවයක් බලාගෙන ඉන්නේ නැහැ. මට ඒවා පස්සේ දුවන්න අවශ්‍යතාවක් නැහැ. මේ ලගදි කාන්තාරයක ශුට් එකක් කළා. එක මොඩ්ල් කීනෙක් ඒ විදිහටම ශුට් එකක් කරලා තිබ්බා. එයාට මෙච්චර හම්බ උනා කියලත් ප්‍රචාරය කරලා තිබුනා. ඇයි තව කෙනෙක්ව කොපි කරන්නේ. ඔයාට පවුරුශයක් නැති නිසා තමයි ඔයා තව කෙනෙක් වෙන්න යන්නේ. ඔයා එකේ අදහස ගත්තට කමක් නෑ වෙනස් දෙයක් කරන්න.

 

ඔයාගේ ආත්ම ගවුරවය රැකගන්න. මම පැජන්ට් එකේ බිකිනි ඇන්දා මම ඒක හංගන්නේ නැහැ.එක අවස්ථාව අනුව වෙනස් වෙනවා.මොඩ්ලින් ගත්තොත් ඔයාට යන්න විවිධ පාරවල් තියෙනවා.අලුතෙන් ෆීල්ඩ් එකට එන නංගිලා කවුරු හරි ෆොටෝග්‍රෆර් කෙනෙක් අල්ලාගෙන බාගෙට ඇදගෙන ශුට් කරලා දාලා ෆොලොවර්ස්ලා හදාගන්නවා.

views

1195 Views

Comments

arrow-up