හල්දුම්මුල්ලේ මළගෙදරකින් කොවිඩ් ආසාදිතයින් හමුවෙයි

හල්දුම්මුල්ල, අමිලගම අවමංගල්‍ය නිවසක දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනයවී ඇතැයි තහවුරුවීමෙන් අනතුරුව ඊට සහභාගීවූ තවත් පිරිසක් ඇන්ටිජන් පරීක්ෂණයකට යොමුකර ඇතැයි හල්දුම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
මේ හේතුවෙන් අවමංගල්‍ය නිවස අසල ඇති පාසලක මව්පියන් කිහිපදෙනකුදඒ සඳහා සහභාගී වීම නිසා භීතියටපත් අනෙකුත් මව්පියන් අද(26) දරුවන් පාසලට යැවීමෙන් වැළකී ඇත.
මේවන විට එම පාසලද විෂබීජහරණය කිරීමට කටයුතුකර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
756 Views
Comments