NOV
09
හෙඩ්සෙට් පැලඳ දුමිරිය මාර්ගයේ ගමන්කළ තරුණයාට අත්වූ අවාසනාවන්ත ඉරණම

ත්‍රිකුණාමලය, තඹලගමුව, මුල්ලිපොතාන ප්‍රදේශයේ සිදුවූ දුම්රිය අනතුරකින් තරුණයෙකු ජීවතක්‍ෂයට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී මෙම තරුණයා ජංගම දුරකථනයට සම්බන්ධ කරමින් හෙඩ්සෙට් එකක් පැලඳ දුම්රිය මාර්ගයේ ගමන් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
දුම්රිය පැමිණෙන බවට අවට පිරිස් කෑගසා පැවසුවත් ඔහුට ඒ බව ඇසී නොමැති බව වාර්තා වේ.
කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ දුම්රියේ ඊයේ(07) සවස එම තරුණයා එලෙස ගැටී තිබුණි.
තඹලගමුව පොලීසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
808 Views
Comments