ජනතාවගේ ඉවසීමේ සීමාව පනී - පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ප්‍රහාරයක්

මුස්ලිම් කොංග්‍රස ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී M.S. තවුෆික් මහතාගේ කින්නියා හි පිහිටි නිවසට පිරිසක් විසින් පහර දී දැඩි අලාභහානි සිදු කර තිබෙනවා.
අද උදෑසන කින්නියා හි සිදුවූ පාලම් පාරුව අනතුර හේතුවෙන් කුපිත වූ ජනතාව මෙම පහර දීම කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සිද්ධියෙන් කුඩා දරුවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් 19 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් සිවු දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලීසිය එක්ව අතුරුදහන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළා.
977 Views
Comments