පාසල් සිසුවියකට මරු කැඳවූ වාහන තුනක් ගැටී සිදුවූ අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
17

පාසල් සිසුවියකට මරු කැඳවූ වාහන තුනක් ගැටී සිදුවූ අනතුර

පාසල් සිසුවියකට මරු කැඳවූ වාහන තුනක් ගැටී සිදුවූ අනතුර

ඊයේ(16) දිනයේ කිළිනොච්චියේ මධ්‍ය විදුහල ඉදිරිපිටදී වාහන තුනක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් පාසල් සිසුවියක් මියගොස් තවත් සිසුවෙකු තුවාල ලබා තිබේ.


ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් යාපනය දෙසට ධාවනය කරමින් තිබියදී පාසලට යමින් සිටි සිසුන් කිළිනොච්චිය පාසල ඉදිරිපිටදී බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


බස් රියේ සිසුවියන් ගැටීම නිසා එක්වරම ලංගම බස් රථයේ රියදුරු තිරිංග තද කර තිබේ.

 

එවිට පසුපසින් පැමිණි වෑන් දෙකක් හා යතුරු පැදියක්ද බස් රථයේ ගැටී අනතුරට පත්ව ඇත.


ලංගම බස් රථයේ ගැටීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තිරුවාසකම් මධුසාලිනී නැමති 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි. 

තුවාල ලැබූ සිසුවෙකු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇත.

views

731 Views

Comments

arrow-up