NOV
10
මහ වැස්ස ජීවිත 15 ක් බිළිගනී

දින කිහිපයක් පුරා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇතිවූ ආපදාවලින් මේ වනවිට පුද්ගල මරණ 15ක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
මෙම මරන වලින් දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 9ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් ලෙස වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
තවත් එක් අයෙකු අතුරුදන්ව හා පස් දෙනකු තුවාල ලබා ඇතැයිද ඔහු සඳහන් කළේය.
817 Views
Comments