වේගයෙන් ආ වාහන දෙකකට යටවූ රාජකාරි කරමින් සිටි මුන්දලම ට්‍රැපික් ඕඅයිසීට බරපතලයි

මුන්දලම පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති මාර්ගයේ ගමන් ගත් වාහන දෙකකට යටවීමෙන් බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.
පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මුන්දලම පොලීසිය ඉදිරිපිට රථවාහන රාජකාරීයේ ්යෙදී සිටි මුන්දලම පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් අධික වේගයෙන් ධාවනය වන වාහන අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතර මෙම අනතුර සිදුව ඇත.
හලාවත සිට අධික වේගයෙන් ආ කුඩා ලොරි රථයක් නවත්වන ලෙස උප පොලිස් පරීක්ෂකවරයා සංඥා කර තිබෙන අතර ලොරි රථ රියදුරාට වේගය පාලනය කර ගත නොහැකිව උප පොලිස් පරීක්ෂකවරයාවද යට කරගෙන රිය ධාවනය කර තිබේ.
එම ලොරිය පසුව ඉදිරියෙන් පැමිණ ඇති මෝටර් රථයක වැදී නැවතී ඇති අතර මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වාහන දෙකේම වැදී තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුරට සම්බන්ධ වාහන 02 පොලිස් භාරයට ගෙන ඇති අතර ඒවායේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.
798 Views
Comments