මහපාරේ යකා නැටූ රන්මල් කොඩිතුවක්කුට දඩුවමක්

තමා ගමන් ගත් ජීප් රථයට වෙනත් මෝටර් රථයක් අවහිර කිරීමට අදාළව උරණ වූ රන්මල් කොඩිතුවක්කු විසින් එම රියදුරාට පහර දීමේ සිද්ධියට අදාළව ඔහු වහාම ක්‍රියාත්මක වන පරිදි සබරගමුව පළාතේ සිට පොලිස් ක්ෂේත්‍ර බළක මූලස්ථානය සදහා දඩුවම් මාරුවක් සිදු කොට තිබෙනවා.
ඒ මේ සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් පරීක්ෂණ ආරම්භ වීමත් සමඟය.
රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයෙන් මෙම සිද්ධිය වාර්තා වුණා.
ජීප් රථයෙන් බැසගත් රන්මල් කොඩිතුවක්කු විසින් අදාළ පුද්ගලයාට පහරදෙන ආකාරයක් ද මෙම වීඩියෝ දැක්වෙනවා.
අනතුරුව ඔහුගේ සෙසු ආරක්ෂක පොලිස් නිලධාරින් විසින් අදාළ පුද්ගලයාගේ වාහන බලපත්‍රය ඉල්ලන අතර එහි දී අදාළ පුද්ගලයා සඳහන් කරන්නේ තමාට එල්ල කරන ලද පහරදීම සම්බන්ධයෙන් තමාට පොලිස්පතිවරයා දැනුවත් කිරීමට අවශ්‍ය බවයි.
ඒ වන විටත් ඔහුගේ ජංගම දුරකථනයේ පොලිස් නිලධාරීන් භාරයට ගැනීම් නිසා ඔහු මාර්ගයේ අසල පුද්ගලයින්ගෙන් මේ සඳහා ජංගම දුරකථනයක් ද ඉල්ලා සිටිනවා.
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පහරකෑමට ලක් වූ අදාළ තරුණයා පවසන්නේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා බීමතින් සිටි බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයේ අවධානය යොමුව තිබෙනවා.
රන්මල් කොඩිතුවක්කු යනු හිටපු පොලිස්පතිවරයෙකුගේ පුත්‍රයෙක්.
986 Views
Comments